සමාජය සහ මම

මගේ අවුරුදු 20 ක ජීවිතේ මං වැඩියෙන්ම කාලය ගත කරලා තියෙන්නෙ මගෙ කාමරේ ඇතුලේ,ඇදට වෙලා පොතක් කියවන ගමන්,ෆෝන් එකක් හරි ලැප් එකක් හරි දිහා බලන්,නැත්තන් මගෙ මේසෙට වෙලා මොනවා හරි ලියන ගමන්,නැත්තන් මනෝ පාරක් ගහන ගමන්. කොහොම හරි මේක ලියන්න නිමිත්ත ෆේස්බුක් එකේ දැක්ක "සමාජෙට බම්බු ගහන්න කියලා ජීවිතේ විදින"පෝස්‍ට්,ඒවා හෙනම disturbing නැද්ද,ඒවා දකිද්දි හිතෙන්නෙ නැද්ද යකෝ මුන් කියනවත් වගේ උන් ජීවිතෙ විදිනවා සහ අපි ඕහේ කාලකන්නි විදියට ඉන්නවා වෙන්ඩ බෑද,ඕන් ඕක ගැන හිතද්දි මට හිතුන දේවල් තමා මේකෙ තියෙන්නෙ මං මුලින් කරේ දැන් උන් ජීවිතේ විදිනවනව කියලනෙ කියන්නෙ,හරි එතන මාත් ඉන්නවා දැන් මට දැනෙන ෆීලින්ග් එක මොකක් වෙයිද,මට පට්ටම uncomfortable වෙයි,මං ආස මිනිස්සු ටික දෙනෙක් එක්ක ගනුදෙනු කරන්න ඒ moment එක ශෙයා කරගන්න,ඔය යනතරමක් ගමන් ගිහින් ඉන්නෙ පිරිවරක් එක්ක,උපරිම පිරිස 5,6ට වැඩි උනාම මටනන් පට්ටම uncomfortable(මේවා මට විතරයි වලංගු)මං කියන්නෙ ඒක අවුල් ඇති හැබැයි සාමාජෙට බම්බු ගහන්න කියලා ජීවිතේ විදින්ඩ ලොකු පිරිසක් එක්ක moment share කරගන්න ඕනෙනන් i d rather be in my room.... ඔය යන ලොකේශන් අනික් කේස් එක,මං ආස සීතල පැතිවලට,හැබැයි season එකේදි නුවරඑලියෙ යං කීවොත් also i d rather be in my room,close ටික දෙනෙක් එක්ක උනත් එතනට ආගන්තුක මිනිස්සු සමූහයක් මැද්දට යනවා කියන්නෙ මට මහ එපාකරපු දෙයක්,(ඒක එක අතකට phobia එකක් වගේ,දැන් මේක කියවන්ඩ හම්බෙන්නෙ ලොවෙත් මගෙ close circle එකට,මං ඇම්ඩාගෙ කතාවල ඉදන් තරු,මන්දාකිණි,සමාන්තර විශ්ව වෙනකන් ඔයාල එක්ක කතා කරනවා හැබැයි ඒ ඔය ටික දෙනා එක්ක විතරයි මං අදුරනවා උනත් මගෙ close circle එකේ නෙමේනන් මං වචනයක්වත් කතා නොකර ඉදියි-එතනට ආගන්තුක මිනිස්සු කියලා වෙන කරේ ඇයි කියලා තව ඉස්සරහට යද්දි තේරෙයි) හිටපු ගමන් බීච්වලට යන්ඩ,කන්දක් බඩගාන්න යන්ඩ එහෙම ආසවල් එනවා,ලෝකෙශන් කීවම තව specify කරන්න පුලුවන් දියඇලිද,වැව්ද,කදුද,plains ද මොනාද කියලා,මට එහෙම specific දෙයක් නෑ මගෙ perspective එකෙන් one day trip එකක් කියන්නෙ උදේ කොහෙ හරි යන්න හිතුනා ගියා(මේක තනියම යන්ඩ මං හෙන ආසයි,ඒ වගේම ආසයි මට close ම අය එක්ක යන්ඩත්),දවස් ගනන් යන එකක්නන් නවතින්න fix තැනක් තියෙන්ඩ ඕනෙ...ඒක එහෙම එක්ස්ප්ලේන් කරනවට වඩා ලේසියි අපි හිතමු මං නුවරඑලි ගියා කියලා 3 day trip එකක්,මං ඒකෙ enjoy කරන්නෙ train එකේ,bike එකේ හරි යන ඕනෙම වාහනේක යනගමන් දෙපැත්ත බලන එක,bike එකක වගේ යනවනන් ලස්සනයි කියලා හිතෙන තැන් ටිකක නැවති නැවති යන එක,ඒ ගිහින් අර fix තැන ගෙදර වගේ ඉන්න එක,දවල්ටත් පොඩි ඇලට් එකක් දාල සීතලේ දුමක් දාල ඉන්න එක,හවස් වෙද්දි ලග තියෙන busy town එක්කට ගිහින් ඒකෙ මිනිස්සු ඒ පරිසරේ මිනිස්සු(ආගන්තුක මිනිස්සු කියලා ඉස්සෙල්ල කීවේ තැනකට පිටින් ආපු අය,එහෙ ජීවත් වෙන මිනිස්සු මැද ඉන්න එක uncomfortable නෑ ගොඩක් වෙලාවට,මං ආස පරිසරයක්නන් එහෙ ඉන්න මිනිස්සුත් ඒ පරිසරේම කොටසක්)එක්කම ඒකෙ කොටසක් වෙන්න,මාව නොදන්න කෙනෙක් බලන් හිටියොත් මූත් මෙහෙම එකෙක් වෙන්ඩ ඇති කියලා හිතෙන්ඩ වගේ ලෙවල් එකකට,හැමදාම ඇවිත් කොත්තුවක් ගන්න එකෙක් වගේ ගිහින් කොත්තුවක් ගන්න වීදි ලාම්පුවල එලියෙන් හොදට දන්න පාරවල්වල යනවා වගේ නොදන්න පාරවල්වල යන්න(ප.ලි.- මං මේවගෙන් හදන්නෙ homely feeling එක ගන්න වෙන්ඩ ඇති)රෑට ඇවිත් එතම මේසෙක තියනුත් මොනවා හරි ලියන්න,මනෝ පාරක් ගහන්න,කොහොම හරි ඕක තමා මං trip එකක් කියන්නෙ දැන් එහෙම ගත්තොත් ජිවිතෙ විදිනවා කියලා උන් හදාගත්ත ලෙවල් මං මේන්ටේන් කරන එක මට සෙට් නෑ මං කලිනුත් කීවා වගේ මං තැන්වලට යන්න ආසයි හැබැයි ඊට වඩා මම ආසයි මගෙ මේසෙට වෙලා මොනා හරි ලියන්න එහෙමත් නැත්තන් හොද මනෝපාරක් ගහන්න,දුමක් දාන්න,මාත් එක්ක කතා කරන්න,එහෙම ගත්තම උන් එක්ක මගෙ ජීවිතේ සසදන එක මෝඩ වැඩක් කියන තැනට ඇවිත් මං පලවෙනි අවුලෙන් රිවීල් වෙනවා එහෙම උනාම මට තව දේවල් හිතෙනවා දැන් මං මේ ජීවත් වෙන විදියෙ මට සැටිස් නැති දේවල්වලට තියෙන්නෙ කියවන්ඩ පොත් මදි හා අර ආස කරන විදියෙ 3 day trip rare වෙන එක,ඒක මාස කීපෙකිස් වෙනස් වෙනවා කියන එක දන්න හින්දා එකෙත් ප්‍රශ්නය නෑ එහෙම ගත්තම මං නිරපේක්ෂව ජීවිතේ විදිනවා කියලා මම හිතනවා(ඔයාලට මං ජීවිතේ විදින විදිය boring වෙන්න පුලුවන් ඒත් මට මේක මාරම හොදයි)දැන් මං ජීවිතේ විදිනවනන් මං වගේ ජීවත් වෙන උන් කාලකන්නි වෙලා එක විදියකට ජීවත් වෙන උන් ටිකක් ජීවිතේ විදින උන් උනේ කොහොමද දැන් තමයි හරි කතාව පටන් ගන්නෙ "සාමාජෙට බම්බුගහන්ඩ කියලා ජීවිතේ විදිනවා" කියන එක නිර්මාණය කරන්නෙත් කවුද සමාජෙමයි,20 ක් 30 ක් පිරිවරාගෙන camping යන උන් ජීවිතේ විදින්ඩත් ගෙදෙට්ට වෙලා විශ්වයම ගැන මනෝ ගහන එකෙක් කාලකන්නියා උනේ කොහොමද කොන්ඩෙ වවලා මාල දාල පැච් ඩෙනිම අදින එකා ජීවිතේ විදිනවා වෙලා කොන්ඩෙ ගානට කපලා trouser ඇදලා shirt අදින එකා හෙන stress සාමාජෙට ඕනෙ විදියට ජීවත් වෙන එකෙක් උනේ කොහොමද,කොටට අදින කෙල්ල සමාජෙට බම්බු ගහන්න කියලා ජීවිතේ විදිනවා උනේ කොහොමද මං හිතනවා මං කියන්න හදන එක තේරෙනවා කියලා,සමාජෙට බම්බු ගහන්න කියලා මොකාක් හරි කරාම ඒක ජීවිතේ විදිනවා ගොඩට දාල තියෙන්නෙත් සමාජෙම තමයි,කොටුවෙන් එලියට ආව කියලා හිතුවට ඇත්තටම කරලා තියෙන්නෙ හිටපු කොටුවෙන්ම තව චූටි කෑල්ලක කොටුවක් ගහගත්ත එක තමයි මං කියන්නෙ මං මනෝ ගහන්න ආස තරමටම කොටට අදින්න ආස කෙල්ලෙක් එහෙමත් නැත්තන් camping කරන්න ආස එකෙක් සෙනග එක්ක engage වෙන්න ආස එකෙක් ඒක කරන එක අවුලක් නෑ,අවුලක් නෑ නෙමේ මරු,අවුල තියෙන්නෙ බහුතරේ යන්නෙ රැල්ලට,මං ජීවිතේ විදින්නනන් මාත් මුං කරන ඒවා කරන්න ඕනෙ කියලා හැමඑකාම ඒකට ෆෝකස් වෙන එක,මං කියන්නෙ මං ගනන්වලට ආසයි එහෙම කියලා මං මොකෙක්ටවත් කියන්නෙ නෑ උබත් ඒවා කරපන් ඒකට ආස වෙයන් කියලා,ඒ වගේ තමා මේ මං ජීවත් වෙන්ඩ ආස විදිය උනා කියලා ලෝකෙ හැමඑකාම එහෙම ජීවත් වෙන්ඩ ඕනෙ නෑ ආසාවක් නැතුව එක එකා කරන පලියට දේවල් කරන්න පටන් ගත්ත දවසේ ඉදන් ඒකෙන් මිදෙනකන් ඊජිප්තු ශාපයක් වගේ තමන්ගෙ පස්සෙන් සමාජෙට බම්බු ගහන්න කියලා ජීවිතේ විදින්නනන් මේව කරන්න ඕනෙ කියන එක එලවනවා,මෙහෙම ගමු මෙලෝ අදහසක්වත් ආසවක්වත් නැතුව රැඩිකල් උන එකෙක් ඉන්නවා හැබැයි උට උගේ වෙඩින් එකට උඩරට කිට් එකක් අදින්න ආසයි හැබැයි ඌ දැන් බයයි ඌ මෙච්චරකල් නඩත්තු කරපු ඌ නොවන උට මේකෙන් පාර වදියි කියලා,ඌ ඇත්තටම සමාජෙට බම්බු ගහලා ජීවිතේ විදින එකෙක්නන් උට කොන්දක් තියෙන්නෙ ඕනෙ ඌ ආස දේ කරන්න අනික් ඒවටත් එහෙමමයි සමාජෙට බම්බු ගහන්න කියලා කටින් කීවට වැඩක් නෑ අන්තිමට ඒකෙම හිටියටත් වඩා පොඩි කොටුවකට ගිහින් උබලා matrix බලලා තියේද,ඒකෙ plot එක මේකම නොවුනට මේකටත් සම්බන්ධ කරගන්න පුලුවන් ට්‍රිනිටියි,මෝෆියසුයි ඔරකල් හින්දා තමයි ඇවිත් නියෝව බේරගන්නෙ,ඊට පස්සෙ නියෝ තමයි පොර කියන එකයි ඉස්සරහට කරන දේවල් ගැන අහන්නෙ පවා ඔරකල්ගෙන්,හැබැයි ඔරකල් කියන්නෙත් matrix එකේම තියෙන programme එකක්,architecturer තමයි අනික් ප්‍රධාන programme එක,matrix එක කියන්නෙ equation එකක් ඔරකල් කරන්නෙ equation එක unbalance කර කෙනා architecturer තමයි ඒක ආයෙ බැලන්ස් කරන්නෙ(matrix ගැන වෙනම කියන්නම්) දැන් සරල අදහසක් තියෙනේ,බලලා නැතත් කමක් නෑ මේ ටික කියෙව්වා කියලා spoil වෙන්නෙත් නැති වෙයි මුලු කන්සෙප්ට් සේරම තේරෙන්ඩ තරම් ඒකේ බැහැගෙන බලනවන් මේක ගානක්ම නෑ,හරි මං දැන් කීව වගේ නියෝව matrix එකෙන් බේරගත්තම,පොර ආයෙ matrix එකට එනවා අනික් මිනිස්සුන්ව බේරගන්න,සරලවම ඌ ඉන්නෙ matrix එකක කියලා නියෝ දැන්ගත්ත වෙලේ ඉදන් උට එකේ gravity වැඩක් නෑ,පියාබන්ඩත් පුලුවන්,පොර හදන්නෙ ඉන්න අනික් මිනිස්සුන්ට මේක matrix එකක් කියලා කියලා දීලා සේරම බේරගන්න,හැබයි මං කලින් කීවා වගේ මේ හැමදේම එක විදියකට කරන්නෙ ඔරකල්,එතකොට ඔරකල් කියන්නෙත් matrix එකේ කොටසක්, දැන් එතකොට නියෝ ඇත්ත ලෝකෙට මිනිස්සුන්ව ගෙනියන්ඩ හැදුවට ඇත්ත ලෝකෙ කියල එකක් හැදිලා තියෙන්නෙත් matrix එක නිසාම තමයි ආන්න ඒ වගේ සමාජෙට බම්බු ගහන්න කියලා ජීවිතේ විදින්න මේ මේවා කරපන් කියන එක හදලා තියෙන්නෙත් සමාජෙම තමයි,හුදෙක් සමාජ සම්මුතියට පිටින් යන්ඩ තියෙන උවමනාවට ඒව කරන එකෙයි සමාජ සම්මුතියෙ ජීවත් වෙන එකෙයි වෙනසක් නෑ දෙකේම කරන්නෙ තව එකෙක්ට සාපෙක්ශව ජීවත් වෙන එක,මේක නැත්තටම නැති කරන්න බෑ හැබැයි සෑහෙන්න අඩුකරගන්න පුලුවන්,අනික් උන් මොන විදියට ආස උනත් කොහෙ කොහෙ යන්න හැදුවත් මොනවා කරන්න හැදුවත් කමක් නෑ තමන්ට හිතෙනවනන් ගෙදෙට්ට වෙලා මනෝ ගහන එක ආතල් කියලා ඒක කරන්න,මං කලිනුත් කියලා තියෙනවා තමන් වෙනුවෙන් අනික් මිනිස්සුන්ව අත්තනෝමතික විදියට අතාරින එක අමානුෂික නෑ,නිශ්චිත වශයෙන්ම පවතින්නෙ "මම"ක් පමණයි,අනික් සියල්ල මායවක් විතරයි ආ අන්තිමට කියන ටික ඔයා ජීවිතේ විදින විදිය හොදයි,ඒක උටත් සෙට් වෙයි ඒ හින්දා කොහොම හරි ඌවත් මෙහෙම කරන්න ඕනෙයි කියලා කරන්න එපා,හිතන්න නිකන් ඔයාට මාර විදියට සෙට් උන film ටිකක් තිබ්බා කියලා ඔයාට ඒවා recommend කරන්න පුලුවන්,හැබැයි අනික් මනුස්සය තමයි තීරණය කරන්න ඕනෙ මේක බලනවද නැද්ද කියලා,ඒක මාරම විදියට හොද වෙන්න පුලුවන් හැබැයි අනිකාව ඒක බලන්න බලහත්කාරයෙන් යොමු කරවන්න එපා,සමහර විට බැලුවට පස්සෙ උට ඒක සෙට් වෙන්ඩ පුලුවන් හැබැයි අර මුලින් තියෙන බලකිරීමේ 1% වත් impact එකක් හින්දා ඒක ඇති උනා වෙන්න පුලුවන්,මාත් මිනිස්සුන්ට එහෙම එක එක දේවල් වලට මචං මේක බලපන්,මෙහෙම කරපන් කියලා ඇති,හැබැයි මහා ලොකු බලපෑම් කරලා ඇති කියලා මම හිතන්නෙ නෑ,(මට දැන් හිතෙනවා එහෙම recommend කරන්න ඕනෙත් නෑ කියලා,මං ආයෙ recommend කරන්නෙ නෑ)මං කියන්නෙ ඔයාට හොදයි කියලා හිතෙන පලියට තව මනුස්සයෙක්ට ඒක හොදයි කියලා හිතෙන්ඩ අවශ්‍යතාවයක් නෑ,(අදහස් තර්ක ගැටෙන එක ගැන නෙමේ මේ කියන්නෙ,මනුස්සයෙක් එක්ක තියෙන bond එක පාවිච්චි කරලා යමක් කරන්න බලකිරීම)ඔයාට ඔයා ජීවත් වෙන විදිය perfect උනා කියලා ඔයාට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ අනික් මිනිස්සුන්ට බලකරන්න... ඒ බලකිරීම නොතිබුනාන් මේක ලස්සන ලෝකයක්,ලස්සන කියන්නෙ balanced,peaceful ලෝකයක් ප.ලි.- මහගමසේකරගෙ කවියක් ලියලා තියෙනවා මෙහෙම; "මම නුබ කඩා බිද දමා අලුතින් නිර්මාණය කරමි"යි කවියා සමාජයට කිවේය. ඒ බසට සමාජයට හිනා ගියේය. "මම නුබ කඩා බිද දමා අලුතින් නිර්මාණය කරමි"යි සමාජය කවියාට කිවේය. මං ලියපු මුලු හෑල්ලම මේ මනුස්සයා පේලි 7 කින් ලියලා.

Comments

Post a Comment

Popular posts from this blog

සියදිවි නසාගැනීම

හත්පෙතිමල

අනිවාර්‍යයතාවය