අනිවාර්‍යයතාවය

මේ වෙන හැමදේම අහබුවන්,හරියටම ගත්තොත් මං මේක ටයිප් කරන්ඩ ගන්න වෙලේ මට ඔප්ශන් දෙකක් තිබ්බා මොනාහරි කාල නිදියන එකයි මේක ටයිප් කරන එකයි.අහම්බයෙන් මගෙ තෝරාගැනීම උනේ මේක ටයිප් කිරීම,ඒකෙ ප්‍රතිඵලය තමා මේ,මං ආරම්භයේදි ගත්ත තීරණය වෙනස් එකක් උනානන් මේ විශ්වයට(සමාන්තර විශ්ව ගැන කියන්ඩ බෑ-සමාන්තර විශ්ව කියලා මං කියන්නෙ අනික් රියැලිටි එකක්)මෙහෙම එකක් බිහිවෙන්නෑ...ආන් ඒ වගේ ේ වෙන හැම දෙයක්ම අහබු,ඒ නිසා සිද්ධ උන දේවල්වත් සිද්ධ වෙමින් පවතින දේවල්වත් ඉදිරියට සිද්ධ වෙන්ඩ තියෙන දේවල්වත් අනිවාර්‍යයෙන්ම වෙන්ඩ කිසිම අවශ්‍යතාවයක් නෑ...දැන් එන්නෙ ටයිම් ට්‍රැවල් කන්සෙප්ට් එක;මොකද ඊලගට මේකට එන රිප්ලයි එක කාලතරණය පොසිබල් නම් මං මේ මොහොතේ කරන දේ අනාගත මං විසින් කරන ලද්දක් වෙන්ඩ ඕනෙ,සරලවම දැන් මං මේ ටයිප් කරන අකුරක් අකුරක් ගානෙ,මේක කියවන ඔයා දැන් කරමින් ඉන්න ඕනෑම දෙයක්;හුස්ම ගැනීම නහය කැසීම මදුරුවෙක් චප්ප කිරීම ආදි හැමදේම අනාගත ඔබවිසින් කරන ලද්ද රිපීට් කිරිමක්(තේරුන්නැත්තන් ආයෙ කියවන්ඩ-ඕනෙමනම් කියන්ඩ සීන් එක තේරුන්නෑ කියලා මං ආයෙ පැහැදිලි කරන්නම්)බූම්..ඔන්න ටුවිස්ට් එක,එතකොට මං මේ කරමින් පවතින දේට අනිවාර්‍යයතාවයක් ආරෝපණය වෙලා නේද..මං මෙතෙන්දි ගන්නෙ කාලතරණය එකම රියැලිටය ඇතුලෙ ඉම්පොසිබල් කියන තැන...ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් එක වගේ අපබ්‍රංශ වැඩ වෙන්නෙ ඒක පොසිබල් උනොත් (මේක මගේ අදහස-මං මේ මගුල ගැන මහාචාර්ය කෙනෙක් නෙමෙ මං කියෝපුවා ගැන මට හිතිච්ච දේවල්....පලි-ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් කියන්නෙ;හිතන්ඩ ඔයා කාලයන්ත්‍රයක් හදලා අතීතෙට ගිහින් ඔයාගෙ සීයව මැරුව කියලා,එතකොට කාල යන්ත්‍රය හදන්ඩ ඔයා ඉපදෙන්නෙ නෑ,ඔයා ඉපදෙන්නෑ කියන්නෙ සීයා මැරෙන්නෑ,සීයා මැරෙන්නෑ කියන්නෙ ඔයා ඉපදෙනවා,ඔයා ඉපදෙනවා කියන්නෙ ඔයා කාලයන්ත්‍රේ හදනවා,ඒ කියන්නෙ ඔයාගෙ සීයා මැරෙනවා....ආතල් එකේ දිගටම කන්ටිනියු කරන් යන්ඩ) interstellar එකේ උන කේස් එක එක්ක මේක පටලව ගන්ඩ එපා,ඒකෙ තියෙන්නෙ ටයිප් ට්‍රැවලින් නෙමේ ඒකෙ එක්ස්ප්ලේන් වෙන්නෙ විශ්වයේ තැනින් තැනට කාලය ගලායාමෙ විශමතාවය ...ඕන් දැන් එතකොට මුල කතාවට එනවා එතකොට අපි කරන කිසිම දෙයක් මේ දේ අනිවාර්‍යයෙන් වෙන්ඩ තිබ්බෙ ඒ නිසා උනා කියලා හිතන්ඩ බෑ...හැබැයි සිද්ධ උන(සිදු වී අවසන් වන ලද)දේ අනිවාර්‍යයෙන් සිද්ධ වෙලා ඒ හින්දා අනිවාර්‍යයතාවයක් තියෙනවා,ඒකට අපට අවසාන හේතුවක් දෙන්ඩ බෑ...

Comments

Popular posts from this blog

සියදිවි නසාගැනීම

හත්පෙතිමල