අපාය
මේක මගෙ ඔලුවෙ සෑහෙන කල් තිබ්බ අවුලක්.කොහොමත් blog එකේ දාන්නෙ මගෙ ඔලුවෙ තියෙන අවුල් හින්ද මේකත් දානවා.හරි මේක තමා අවුල;බුදුහාමුදුරුවෝ දේශනා කරයි කියනවනෙ මනුස්ස ආත්මයක් ලබන එක කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ දෙයක් කියලා,ඒක එහෙමනම් කොහොමද ජනගහනය වැඩිවෙන්නෙ,පැයකට මිනිස්සු 6,611ක් මැරෙද්දි අලුතෙන් උපත් 16,720 ක් වෙනවා,ඒ කියන්නෙ මැරෙන හැම මනුස්සයටම අලුතෙන් මිනිස්සු ආසන්නව 2.5 ගානෙ ඉපදෙනවා,මිනිස් ආත්මයක් ලබන එක ඔච්චර දුර්ලභ නම් කොහොමද එහෙම වෙන්නෙ...
මං මේ අපාය දිව්‍යලෝක කන්සෙප්ට් එකට වඩා සිමියුලේශන්,ඩ්‍රීම් කන්සෙප්ට් විශ්වාස කරාට අපාය දිව්‍යලෝක කේස් එකෙන් ඉස්සරහට හිතන් යද්දි මට හිතෙන්නෙ මෙහෙමයි;
මේ ලෝකෙ ටික ටික බුදුහාමුදුරුවො කියලයි කියලා තියෙන අපාය බවට පරිවර්තනය වෙනවා,මං කියන්නෙ දැන් ඔය රටවල් දෙකක් මරාගන්න සීන් එක දැක්කනෙ,ඒකේ උන් මරාගත්ත එකෙ ප්‍රධාන කේස් වලින් උනේ මිනිස්සු පන පිටින් ගිනිගන්න එක පිපිරිලා යන එක කොන්ක්‍රීට් කෑල්ලකට යට වෙලා මැරෙන එක,පන පිටින් වැලලිලා හුස්ම ගන්ඩ බැරුව ඉන්න එක...දැන් ටිකක් හිතලා බැලුවම අපායෙ තියෙනවයි කියපු දඩුවම් ක්‍රම ඒ විදියට නැති උනත් වෙන ආකරෙකින්(ආදේශක)වෙනවා වගේනෙ, දැන් මේ වයිරස් එක ගත්තත් ඒකත් මොකක් හරි දඩුවමක update එකක් වෙන්ඩ බැරිද,ටික ටික බොන්ඩ තියෙන වතුර අඩුවෙන එක,ලෝකෙම ටික ටික කාන්තාරයක් වෙන එක,ගෝලිය උනුසුම ඉහල යන එක වගේ හැමදෙයක්ම අපායෙ දෙනවයි කියන දඩුවම්වලට අනුරූප මොකක් හරි වෙන්ඩ බැරිද,ඔය අලුතෙන් ඉපදෙන්නෙ මනුස්ස ලෝකෙටම නෙමේ ඉස්සරහට අපාය වෙන්ඩ තියෙන ලෝකෙට වෙන්ඩ බැරිද,ඒ අතරෙම කොහෙ හරි තියෙන දිව්‍යලෝකයක් මේ වෙද්දි මේ වේගෙන්ම මනුස්ස ලෝකයක් වෙන ගමන් තියෙනවා දෙන්ඩ බැරිද ඒ ලෝකෙට සාපෙක්ශව මේ ලෝකෙ අපාය වෙන්ඩ බැරිද,සමහර විට ඒක දැනටමත් මනුස්ස ලෝකයක් වෙලා ඒකෙ බුදුකෙනෙක් පහල වෙලා එයා අපායක් තියෙනවා මෙහෙමයි මෙහෙමයි කියලා අපේ ලෝකෙ ගැන කියනවා වෙන්ඩ බැරිද
Comments
Post a Comment