හත්පෙතිමල

මේ මගුල සෑහෙන්න අධ්‍යනයක එහෙම කරලා මේ ලියන්ඩ යන්නෙ(හරකා වගෙ හිතෙන හිතෙන මගුල් හම්බෙන එක එකාට කියනවට වඩා මේ බ්ලොග් එකක් ලියන්ඩ ගත්ත වෙලේ ඉදන් පොඩ්ඩක් හොයලා බලලා සමීක්ශන කරලා එහෙම ලියන ඒවා ලියනවා) හත්පෙතිමල,ඇලඩින්ගෙ පුදුම පහන වගෙ කන්සෙප්ට් පොතේ තියෙන හරි ෆිල්ම් එකේ තියෙන හරි විදියට වඩා වෙනස් විදියකට මට ක්ලික් උනේ..හරියටම කීවොත් මං මට හම්බෙන මනුස්සයෙක්ගෙන් ඇහුවොත් ඔයාට හත්පෙතිමලක් හම්මුනොත් මොකද කරන්නෙ,ඔයාට ඇලඩින්ගෙ පුදුම පහන හම්මුනොත් මොකද කරන්නෙ වගෙ ප්‍රශ්නයක් ඒක ඒ මොහෙතෙ එ මනුස්සයගෙ හිතේ තියෙන ආසාවල් දැනගන්ඩ තියෙන හොදම මෙතඩ් එකක් වෙනවා..මං මේකට මුලින්ම සෝස් එක කරගත්තෙ අවුරුදු 15 ඉදන් 30 වගෙ රේන්ජ් එකක කට්ටියගෙ රිප්ලයි ටිකකුයි ෆේස්බුක් එකේ පෝස්ට් දෙක තුනක දාපු කමෙන්ට් සෑහෙන ගොඩකුයි... බහුතරේ ඉල්ලන්නෙ තව මලක්,තව මල් දෙකක්,එක්කො මල් යායක් හරි හිතන හිතන දේ වෙන එක හරි(මේ දෙකම එකයි)මේක සාමන්‍ය මිනිස් ස්වාභාවය,එක්කො මේ මිනිස්සු බහුතරෙගෙ ආසාවල් ටයිප් කරලා ඉවර කරන්න බැරි තරම් ගොඩයි නැත්තම් මේ බහුතරේ තමන්ට ඕනෙ මොනාද කියන එක ගැනවත් හරියට දන්නෙ නෑ,මේක කියවනගමන් ඉන්න කවුරුහරිත් තමන් මේ කැටගරි එකේ වගේ කියලා හිතෙනවනම් ඔය ෆෝන් විසික්කලා දාලා තමන්ට ඇත්තටම ඕනෙ දේවල් මොනාද කියන එක කල්පනා කරන්ඩ...එතනින් එහාට මං මුකුත් කියන්ඩ යන්නෑ අඩුගානේ ඕනෙ මොනද කියලා දැනගන්න එක හොදවෙයි...තව සෙට් එකක් සතුටින් ඉන්ඩ ලැබෙන්ඩයි කියලා විශ් කරනවලු,මෙහෙම කියපු කට්ටියගෙ සතුට මොකක්ද කියන හොයාගෙන ගියාම බහුතරේ අර පලවෙනි ගොඩටම වැටෙනවා,හැබැයි එක සෙට් එකක් හිටියා හෙන ප්‍රගතිශීලි මතව ආපු,ඇත්තටම සමහර රිප්ලයි වලට මාත් හිර උනා,සමහරුන්ගෙ සතුට හෙන ලක්ශරි විදියට ඩිසයිඩ් වෙලා තිබ්බා ඒක හොදයි තව සෙට් එකක් හිතුවෙවත් නැති ඒවා සතුට විදියට එක්ස්ප්ලෙන් කරා,මෙතන මේවා සතුට කියන ටයිටල් එක යටතේ වැටෙන්නෙ මේ තමන්ගෙ සතුට හරියට ඩිසයිඩ් කරපු සුලුතරේ(සතුටින් ඉන්ඩොනෙ කීව බහුතරේ පලවෙනි ගොඩේනේ)පොඩී අප්සට් එකක් තියෙනවා,මේකට්ටියගෙ හිතේ තියෙන්නෙ තමන්ගේ ආසවල්-‍තමන්ට සතුට ලැබෙන දේවල්-හම්මුනාම ඒ ලයිෆ් එක පර්ෆෙක්ට් වෙයි කියලා,තව හෙන පොඩ්ඩක් හිටියා කෙලින්ම මට මේක මේක ඕනෙ කියලා ඉල්ලපු,මුන් තමා මරු උන්,බේසික්ම දේවල් ඉල්ලපු සෙට් එකක් හිටියා,ටිකක් බර පන්තියෙන් දේවල් ඉල්ලපු සෙට් එකක් හිටියා,වෙනම යුනිවර්ස්වල ඉපදෙන්ඩ ඕනෙ උනුත් හිටියා...මේ සේරගෙම තිබ්බ පොදු ලක්ශනේ තමා තමන්ට ඕනෙ දේ හරියටම විස්තරාත්මකව කියලා තිබ්බ එක,ඒ කියන්නෙ එකෙක්වත් නෑ මට බයික් එකක් ඕනෙ කියන එක අමුවෙන්ම දාපු ඌ ඉල්ලන්නෙ බයික් එක්කනම් ඒ බයික් එකේ නම එක්කම පැහැදිලිව එතන තියෙනවා,නිකන්ම මට ලොකු ගෙයක් ඕනෙ කියපු ලොකු වත්තක් ඕනෙ කියපු උන් නෑ උන් අඩුගානෙ ඕනෙ ගෙදර සරල විස්තරයක් දාල තිබ්බ,සමහර උන්නම් ගෙදර ප්ලෑන් එකේ ඉදන් දාල තිබ්බා,වෙන යුනිවර්ස්වල ඉපදෙන්ඩ ඕනෙ කියපු උන් පවා තමන්ට ඉපදෙන්ඩ ඕනෙ මොනවගෙ යුනිවර්ස් එකකද කියන එක දාල තිබ්බා....(මේ සෙට් එක තමන් ඉන්න සමාජෙ,රට,ලෝකය ගැන සැටිස් නැති සෙට් එකක්,මෙකෙන් බහුතරේකට තියෙන්නෙ සාධාරණ හේතු)මෙ සේරගෙන්ම පස්සෙ මට නිගමනයක් තියෙන්ඩ ඕනෙනේ මං නම් කියන්නෙ මිනිස්සුන්ට ආසවල් තියෙනවා(කොටින්ම කීවොත් අනාගත ප්ලැන් නැති මට උනත්...මුලින්ම මේ ප්‍රශ්නෙ ආව වෙලෙ මං කරේ හත්පෙති මල හම්මුනොත් මං මොකද කරන්නෙ කියලා හිතපු එක,මං මට ඕනෙ බයික් එක විස්තරාත්මකව ලීවා,මට ඕනෙ ගෙදර ගැන ලීව,එ ගෙදර තියෙන මගෙ ලයිබ්‍රිය තියෙන්ඩෝනෙ විදිය ඇන්දත් එක්ක-ගෙදර අයින බිත්තකින් එලියට අඩ කව හැඩේ වෙන්ඩෝනෙ එ අඩ කවේ මැද ජනේලෙ තියෙන්ඩෝනෙ-,මං කරන රස්සාව මොකක්ද කීවෙ නැති උනාට ඒක මොන වගෙ එකක්ද කියන එක,විදියට මට දේවල් 10 ක් වගෙ ලිස්ට් අවුට් කරගන්ඩ පුලුවන් උනා-මං කියන්නෑ ඒකෙන් මං හෙන පොරක්වෙනවා කියලවත් ඒව ලැබුනම මගෙ ආසාවල් සංසිදිලා මං මාර්ගඵල ලබනවනයි කියලවත්,හැබැයි මං දන්නවා ඕවා ලැබුනයි කියලා මගෙ ජීවිතෙ පර්ෆෙක්ට් වෙන්නෑයි කියලා, ඔය දේවල් තිබ්බම මට ඇති (ඒ ඒ අංශවලින් මට ඔයිට වඩා මගෙ මේ මනුස්ස ජීවිතෙන් ලබාගන්ඩ දෙයක් නෑ)කලින් කීවත් වගෙ මිනිස්සුන්ට ආසවල් තියෙනවා ඒක නැති වෙන්නෑ,හැබැයි දේවල් ගොඩක් බදාගන්ඩ තරම් මේ ජීවිතෙ දිග නෑ වගෙම අවිනිශ්චිතයි,ආසවල් තිබ්බත් එ එක්ක තියෙන බැදීම උපරිම අඩුවෙන්ඩ ඕනෙ හා දේවල් සරල වෙන්ඩෝනෙ මං කීව අන්තිම සෙට් එකෙත් මහා දෙවල් ඉල්ලන කට්ටිය හිටියා හැබැයි උන් මුල් දෙගොල්ලොන්ටම වඩා ලෙවල්(අන්ලිමිටඩ් මොනා හරි ඉල්ලන උන්කෙලින්ම අන්තිම ලෙවල් එකෙත් පහලම තැනට දාන්නෙ-මේ මං කියන උන් වටින දේවල් ඉල්ලපු උන්)මොකද උන් අඩුගානෙ උන්ට ඕනෙ දේවල්වත් දන්නවා...හැබැයි මං නම් කියන්නෙ මං මේ දැන් මැරුනොත් මගෙ ආත්මෙට ගිල්ට් එකක් තියෙන්ඩ බෑ "අඩේ මං අරක මෙහෙම කරන්ඩ හිටියෙ(මේ අදාලම නැති එකක් කියලා ගහන්නෙ මගෙ හොද යාලුවෙක්ට-හැමදේම ප්ලෑන් වෙලා වෙන්ඩෝනෙ කියලා හිතන මහා ප්ලෑන් ගහන් ඉන්න)හරි කෝම හරි මං කිය කිය හිටියෙ මං දැන් මැරුනොත් මං ඒ ගැන දැනගද්දි එක පාර ගිල්ට් එකක් එන්ඩ බෑ "ශෙහ්..මට අරක ගන්ඩ බැරි උනානෙ,මට අරහෙම ඉන්ඩ බැරි උනානෙ"කියලා මේක 100% නැති කරන්ඩ බෑ,හැබැයි උබේ මරණින් පසු ජීවිතෙට පොඩි ඉන්පැක්ට් එකක් එන විදියට මේ ඩැමේජ් එක මැනේජ් කරන්ඩ පුලුවන් විදිය ආසාව සරල කරගන්න එක....සරල නොවුනත් කමක් නැ තමන්ට ඕනෙ දේවල් දැනගන්න...මොකද එහෙම නොදැන මැරුනොත් ඇත්තටම පවු..ඒ ගත කරපු මනුස්ස ජීවිතේට මෙලෝ තේරුමක් නැති වෙනවා.. පලි-මට ආව අප්‍රබංශම රිප්ලයි එක "පෙති එක එක ගලවනවා" ඒක හෙන මාන්දමිකයි වගේ උනාට බලාගෙන යනකොට මූ මාර පොරක්නේ...මූට ලෝකෙ ඕනෙම දෙයක් ලබාගන්න චාන්ස් එක ලැබිලත් මූ ඒකට පයින් ගැහුවනෙ,මං කීව කතාවට අනුරූපව ගත්තොත් ඒ කියන්නෙ තියරියෙ හැටියට මූට ආසාවල් නෑ මූ මාර්ගඵලයක් ලබලා...මෙහෙම ලියන්ඩ තිබ්බා මේකට "ඒ උබ මාර්ගඵලයක් ලැබුවද" ඇහුවම "නෑ බං සිගරට් ගන්ඩ සල්ලි නැති හින්දා බීඩියක් ගත්තා,ඒක ගහන ගමන් ඉන්නෙ" කීවෙ නැත්තන් :|

Comments

  1. උබත් එක්ක පොඩි කාලේ ඉඳන් එකට ඉන්නේ අන්න ඕක නිසයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සියදිවි නසාගැනීම

අනිවාර්‍යයතාවය