නිවන

මං අහලා තියෙන විදියට පව් පින් කරන්ඩ පුලුවන් මිනිස්සුන්ට විතරයි.එතකොට නිවන කියන දේ අර්චිව් කරන්ඩ පුලුවන් මනුස්සයොන්ට විතරයි.(දැනට පවතින බුදුදහම(ගෞතම බුදුන් දේශන කරන ලද-ඒක වෙනම කිව්වෙ බුදුවරු සෑහෙන ප්‍රමාණයක් බිහිවෙලා තියෙනවා කියන හින්දා-සරලවම ඒ කියන තරමට බුදුවරු බිහිවෙන්ඩ තරම් පෘතුවයට වයස නෑ(දැනට දන්න තරමට පෘතුවිය් බිහිවෙලා අවු.බිලියන 4.5 යි)එ කාලය ඇතුලත එතරම් බුදුවරු මේ ලෝකෙ එහෙමත් නැත්තම් මේ රියැලිටි එක ඇතුලෙ බිහිවෙන්ඩ බෑ මං හිතන විදියට-එ හින්දා මේ පොයින්ට් එක වැලිඩ් වෙන්නෙ අපි දන්න පෘතුවිය සහ මේ රියැලිටි එකට)හරි ආයෙ මේන් කතාව..සරලවම කීවොත් මනුස්ස ආත්මෙකට පස්සෙ(මං ආත්ම(නැවත ඉපදීම්)ගැන හිතන දේ ඊලග එකේ ලියන්නම්)නිවන අනිවාර්‍යය නොවුනට නිවනට කලින් ස්ටෙප් එකේ අනිවාර්‍යයයෙන් මනුස්ස ආත්මය වෙන්ඩ ඕනෙ. මට තියෙන ප්‍රශ්නෙ(මේව නිකන්ම නිකන් කල්පිත)මනුස්සයෙක් බිහිවීම කියන සාධකය අයින් කරොත්; ඒ කියන්නෙ පෘතිවියේ මේ මොහොතෙ ඉන්න මනුස්ස ජෙනරේශන් එක තීරණය කරොත් "අපි මෙතනින් එහාට මනුස්ස ජෙනරේශන් එක කන්ටිනියු කරන්නෑ"යි කියලා අපි තමා මේ පෘතුවියෙ ඉන්න අන්තිම මිනිස්සු ටික..අවසාන ජෙනරේශන් එක කියලා කවුරුත් ඉමෝටල් නෑනෙ;මැරෙනවා..මැරුණට පස්සෙ-බුදුදහමට අනුව කරපු පව් පින් වලට අනුව උප්ප්තියක් තීරණය වෙලා කරන ලද ඒවට සමපාත වෙන්ඩ හොද හෝ නරක බුක්ති විදිනවා..ඕන් දැන් තමා අවුල..මේ පින් හා පවු පලදීල ඉවර උනාම මොකද වෙන්නෙ..?එතකොට නිවන නිකන්ම අර්චිව් වෙනවද(මේ රියැලිට එකට සාපෙක්ශව)මෙහෙම අහන්නෙ පින් පවු රැස් කරන්ඩ පුලුවන් මනුස්සයන්ට විතරයි හින්දා..මේකට උත්තර කීපයක් දෙන්ඩ පුලුවන්, 1. පින් හා පවු පලදීල අවසන් වන අවස්තාවේ ඉපදී ඉන්න ආත්මයේ සදාකලිකවම හිරවෙනවා.-මේක ටිකක් අප්සෙට් 2. පරිණාම ප්‍රෝසස් එකකින් නැවත් මිනිසුන් බිහිවෙනවා-මේකෙ අවුල තියෙන්නෙ පෘතුවිය එච්චර එහෙම දෙයක් වෙනකන් පවතින්නැති එක ගැන,මේ පවතින ආකරයේ ජීවයකට උපරිම වශයෙන් මේහෙ හිතකර වෙන්නෙ අවු බිලියන 1ත් 2.8 ති අතර කාලෙකට විතරයි 3. විශ්වයේ අපි තනිවෙලා නෑ.මිනිස්සුන් හෝ වෙනත් පවු පින් රැස් කරගත හැකි ජීවින් ඉන්න ග්‍රහලෝකෙක ආයෙ ඉපදෙනවා-එහෙම ගත්තොත් මේ ලෝකෙක ඉපදෙන්න පවු පින් පලදීල ඉවර වෙන්ඩ ඕනෙත් නෑ,මුලින් කීව ප්‍රමාණෙක බුදුවරු බිහිවුනෙ අදාල ග්‍රහලෝකවල කියාඅ අපිට හිතන්ඩ පුලුවන් එතකොට,දෙවිය ලෝක බ්‍රාහ්මණ ලෝක වලින් ගෞතම බුදුන් බැහැ දකින්ඩ ආවයි කීවයි කියන මේ කතාව යටතේ සරල කරන්ඩ පුලුවන් ඒ ආවෙ පිටසක්වල ලෝකවලින් පිටසක්වල ජීවියෝ කියලා 4. මේක තමා අංජබජල් කේස් එක, වෙන රියැලිටියක ඉපදීම-නිවන කියන්නෙ මොකක්ද වගේ කේස් එකකටත් මෙතනින් දෙයක් ගොඩනගා ගන්ඩ පුලුවන්-මේක අපි මෙච්චර කල් හීනෙක ඉදලා තියෙන්නෙ නිවනින් පස්සෙ සැබෑ ලෝකයේ අවධි වෙනවා වගෙ දෙයක් වෙන්ඩත් පුලුවන්-අපි මෙච්චර කල් සිමියුලේශන් එකක හිටයා වගේ දෙයක් වෙන්ඩත් පුලුවන්(මේ ගැන වෙනම කියන්නම්) 5. අවසාන වශයෙන් ඇත්තටම එහෙම කරාම නිවන අර්චිව් වෙන්ඩත් පුලුවන් නිවන කියන්නෙ මොන වගේ දෙයක්ද කියන එකනන් කොහොමත් ප්‍රශ්නයක්...එක්කො රහත් ඵල ලබාගන්න ආත්මේ අවසාන ආත්මෙ අයෙ ඉපදෙන්නෑ නැත්තම් වෙන කොහෙ හරි අමරණීය වෙනවා...මේකට අදාල නැති තව කේස් එකක් තියෙනවා දිව්‍යලෝකයි අපායයි ඇත්තටම තියේනන් මැරුණම යන්නෙ එහෙනන් අපි එතනට සම්ප්‍රාප්ත වෙන්නෙ කොහොමද මං අහන්නෙ අපි පෘතුවියට බිහිඋනයි(මෙහෙම කියන්නෙ අර සිමියුලේශන් සීන් එක හින්දා-මේ රියැලිටිය වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්)කියනවා වගේ මවු කුසකින්ද එහෙමත් නැත්තම් අපේ රූපයක් එහෙ මැවෙනවද..?

Comments

Popular posts from this blog

සියදිවි නසාගැනීම

හත්පෙතිමල

අනිවාර්‍යයතාවය